අ/පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලය

පාසල් නිවාසාන්තර ක්‍රීඩා - 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

උපුල් ඔවිටිගෙදර

 අශෝක මහ විදුහල වසර 70ක ඉතිහාසය තුළ ගොඩනගා ගැනිමට නොහැකි වු අධ්‍යාපනික හා විෂය සමගාමි කටයුතු වලින් අනුරාධපුර දිස්ත්‍රිකයේ ඉහළින් ඔසවා තැබිමට අවශ්‍ය නායකත්වය හා මග පෙන්විම මගේ අපේක්ෂාවයි..

             "අලංකාර ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක් සහිත පාසලක් ගොඩ නැගිමට විනය,පිරිසිදු බව,පිළිවෙල සහිත දරැ පිරිසක්  නිර්මාණය කිරිමට අවශ්‍ය පසුබිම සැකසිම ආරම්භ කර බොහෝ දුර ගමන් කර ඇත. පටු ආකල්ප වලින් මිදි ඡිවිවය පිළිබඳ අත් දැකිම්බහුල, ඒ වගේම සමාඡ හිතකාමි යහපුරවැසියෙකු ගොඩ නැගිම මාගේ දැක්මයි.එයට ප්‍රධාන අවිය විෂය සමගාමි කටයුතු සැළසුම් සහගතව, නිර්මාණය  ශ්‍රිලිව ඉටුකිරිමත් නිසි ප්‍රමිතියෙන් යුතු ඉගෙනුම් ක්‍රියාවලියක් දියත් කිරිමටත් අවශ්‍ය පියවර ගෙන ඇත

         

  අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

            මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

විදුහල්පති,

අශෝක මහා විද්‍යාලය

 

උපුල් ඔවිටිගෙදර
විදුහල්පති
පෙරිමියන්කුලම අශෝක මහ විද්‍යාලය.