නමදිමු බැති ගී කුසුම් පුදාලා
මහ විදුහල් මෑණි ......//
සැරදේ සැරදේ පාසල‌් මෑණි අපේ .....//
නිතියෙන් දරු කැළ ඔබගේ තුරුලේ
උණුසුම් සුවය ලබා .....//
සැනසෙති තුටුවෙති ඔදවෙති නැලවෙති
ආදර පහස ලබා ......//
සැරදේ සැරදේ පාසල‌් මෑණි අපේ .....//
ගාමිණි පැරකුම් වැනි හෙළ දරුවන්
දිනු සිරි බිම මේකයි ......//
වියතුන් උගතුන් විරුවන් දිරුවන්
බිහි කළ බිම මේකයි
සැරදේ සැරදේ පාසල‌් මෑණි අපේ .....//