අ/පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලය

පාසල් නිවාසාන්තර ක්‍රීඩා - 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
  • උදේ 7.00 ට  පෙර පාසලට දරුවන් ඇතුළු විය යුතු අතර පෙරවරු 7.20 න් පසු පැමිණෙන සිසුන් පාසලට ඇතුළු නොකරයි
  • නිල ඇඳුම නිසි ලෙස තිබිය යුතු අතර එසේ නොමැති සිසුන් පාසල තුළට ඇතුළු වීමට අවසර නොලැබේ
  • දරුවා පෙර දින පාසල් නොපැමිණියේ නම් පැමිණෙන පළමු දින උදේ දරුවා සමග පැමිණ පන්තිභාර ගුරුතුමාට කරුණු වාර්තා කරන්න
  • සෑම වාරයකම පාසල ආරම්භක දිනට පෙර දින පාසල පවිත්‍ර කිරීමට දරුවන් සමඟ දෙමාපියන් පැමිණ පන්තිභාර ගුරුතුමා සමඟ පවිත්‍ර කිරීමේ කටයුතු කර පාසල දරුවාට ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම
  • සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
  • දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
  • පන්තිභාර ගුරුවරයා විසින් තම සිසුන් වෙනුවෙන් පෙර වැරදි පොතක් භාවිත කළ යුතුය. වැරදි තුනකට වඩා සටහන් වන අවස්තානකදී අංශභාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය. වර්ෂ අවසානයේ එම පොත ඊළග පන්තිභාර ගුරුවරයාට භාරදිය යුතුය. සහතික නිකුත් කිරීමේදී එම පොත පරීක්ෂා කරනු ලැබේ.
  • පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
  • පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රුදී නොසිටිය යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.